Tuesday, December 17, 2013

Softwares මොකුත් නැතුව , Notepad එකෙන් Folders Lock කරමු...!!

අද ගෙනාපු trick එක ඕන කෙනෙක්ට වැදගත් වෙන විදියේ එකක්...මොකද කියනවා නම් , හැම කෙනාටම වගේ පුද්ගලික දේවල් තියෙනවනේ....මෙතන පුද්ගලික දේවල් කියලා මම අදහස් කළේ, තමන්ගේ වැදගත්
පුද්ගලික files, videos, data වගේ දේවල්....මේ වගේ දේවල්, අපි සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.... සමහර අය නම් hidden කරනවා..... කස්ටියට මතක ඇතිනේ, මම දවසක් පින්තුරයක් ඇතුලේ ඕනෑම file එකක් හංගන විදිය කියලා දුන්නා.... ඒ විදියටත් පුළුවන් ඕනම දෙයක් හංගලා තියාගන්න. තවත් සමහරක් අය, මොකක් හරි මෘදුකාංගයක් භාවිතා කරලා, පුද්ගලික දේවල් අනිත් අයට ගන්න බැරි වෙන්නේ lock කරනවා....


ඉතින් අද මම කියන්න හදන්නෙත්, අන්න ඒ වගේ අපේම දේවල් කාටවත් ගන්න බැරි වෙන විදියට folder lock කරන හැටි.....මේකේ තියෙන විශේෂත්වය නම්, කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර තමයි, අපි මේක කරන්නේ.... හරි එහෙනම් බලමුකෝ මේක කරන විදිය......
හරි මුලින් ම ඔයාලා, මම මේ දෙන code එක සම්පුර්ණයෙන් ම copy කරගන්න....කිසිම අකුරක් මගහරින්න එපා....ඒ වගේම මේ code එක වෙනස් කරන්නත් එපා හොදද.....මෙන්න code එක...මේක copy කරගන්නකො.....

cls
:End
@ECHO OFF
title Folder Locker by lakmal samarakkody
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo ...::: LAKMAL SAMARAKKODY :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.facebook.com/lakmalsamarakkody :
echo :------------------------------:
echo .
echo Are You Sure , You Want to Lock the Folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ...::: LAKMAL SAMARAKKODY :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.facebook.com/lakmalsamarakkody :
echo :------------------------------:
echo .
echo Enter Password to Unlock the Folder...
set/p "pass=>"
if NOT %pass%==PASSWORD goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo ...::: LAKMAL SAMARAKKODY :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.facebook.com/lakmalsamarakkody :
echo :------------------------------:
echo .
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

දැන් notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )


if NOT %pass%==PASSWORD goto FAIL

දැන් ඔය පේලියේ ඇති PASSWORD කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....


if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි lock කරන folder එකේ password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා password එකක් දුන්නට පස්සේ, ඔය notepad එකේ තියෙන code එක save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් window එකක් open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ save කරගන්න code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....




දැන් ඔය locker.bat කියන එක open කරන්නකෝ...open කළාම මෙන්න මේ වගේ...




කස්ටියට පේනවද මෙහෙම එකක් තියෙනවා... Enter Password to Unlock the Folder... අන්න ඔතන අර ඔයාලා කලින් දීපු password එක type කරලා Enter කරන්න. මම කලින් type කලේ 12345නිසා, මම ඒක type කරලා Enter කරනවා...




ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර
locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)
ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

No comments:

Post a Comment