Saturday, January 11, 2014

මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න ..


 ඇ කොහොමද ඇ .. හිකිස් .. ඕක ඉතින් මම හැමදාම අහන එකනේ ..ඇහුවත් නැතත් ඉතින් උත්තරෙත් එකමනේ .. හිකිස් .. ඔන්න ඉතින් ඉස්කෝලේ ඉස්පෝට් මීට් එහෙමත් පටන් ගත්ත .. මේ පාරවත් කෙල්ලෝ මැරෙන්නේ නැති මැරතන් පවත්වන ඉස්පෝට් මීට් දකින්නට ලැබේව කියල මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඇ .. :P    ..

හරි හරි .. ඔන්න අද මම ආවේ පොඩි මෙව්වා එකක් අරගෙන ඇ .. ඇ ..මම මෙව්වා එකක් කිව්වට ඔයාල දන්නවයැ මෙව්වා එක  මුකක්ද කීල .. හරි ඉතින් යුද්දේ ඉල්ලන්න එපා .. මම කියන්නම් .. මම කියන්නේ යන්නේ මේ Java Script කැල්ලක් ගැන .. :)
ඔව් මේකෙන් පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook Fan page එකකට ලයික් කරන්න කියල , තව මොකක් හරි Facebook එකේ Event එකකට සහභාගී වෙන්න කියල ඔයාගේ යාලුවන්ට Invite කරන්න .. :)

ඇ ... මම මේක කරන හැටි කියල දෙන්නේ වෙබ් බ්‍රවුසර් එක විදියට Chrome පාවිච්චි කරන අයට .. අනිත් අයට හුලං .. :/
මම ගොඩින් කියන්නම ..

ෆැන් පේජ් සදහා

-->  ඔයා මුලින්ම ඔයාට කට්ටියට ලයික් කරන්න ඕනි Fan Page එකට යන්න...

-->  එතකොට දකුණු පැත්තේ උඩින්ම වගේ වටෙනේව නේද කට්ටියට Invite කරන තැන .. අන්න එතන තියෙනෙව See All කියල එකක් .. අන්න එක ක්ලික් කරන්න ..  මම  පික් එකේ දාල තියෙනෙව වගේ .. :)





-->  එතකොට Pop Up Box එකක ඔයාට ඔයාගේ පොඩි යාලුවන්ගෙන් ගොඩින් ඒ පේජ් එකට ලයික් කරල තියෙන අය සහ ලයික් කරල නෑති අය පෙන්නයි ... :)

-->  එක ආවට පස්සේ තමා වැඩේ හොදම හරිය .. දැන්  ඔයා Ctrl+Shift+J කියන බොත්තම් තුන එකපාර ඔබන්න .. ( F12 එබුවත් අවුලක් ලෑ .. ^_^ )

--> එතකොට ඔයාට මම ඔය පහල දාල තියෙනෙව වගේ කොටුවක් පෙනෙයි Page එක යටින් .. එකේ ඔය මම රතු පාටින් කොටු කරලා තියෙන තැන තියෙන Console කියන එක ක්ලික් කරන්න .. හරිද ..





-->  දැන් එතන මම මේ දීල තියෙන Java Script කැල්ල කොපි කරලා Enter බටන් එක හයියෙන් ඔබන්න .. ( හයියෙන් ඇ .. ) :3

javascript:var inputs = document.getElementsByClassName('uiButton _1sm');
for(var i=0; i<inputs.length;i++) {
inputs[i].click();
}

--> දැන් ඔයාට පෙනව ඇති කලින් අර Pop Up Box එකේ Invite කියල වැටිලා තිබ්බ තැන් නිකන්ම එබිලා වගේ වෙලා කට්ටියට Invite වෙනවා .. ( කියන්න පුළුවන් ලේසිම විදියට කිව්වේ :3 )





-->  තාම හරි නැහැ .. දැන් ඒ Pop Up බොක්ස් එකේ පහලට ගිහින් බලන්නකෝ .. එකේ තවමත් ඉන්නවා නේද Invite උනේ නැති අය .. :P අන්න ඒ අයටත් Invite කරන්න මේ වැඩේ කීප වතාවක්ම කරන්න .. එතකොට හරි ..

-----------------------------------------------------------------------------------------------------------------------------

දැන් බලමු Event වලට Invite කරන හැටි ..( Only For Chrome )

-->  ඔයා කලින් වගේම Event එකට ගිහින් කට්ටියට Invite කරන Pop Up එක ගන්න .. එක තියෙන්නේ අර කලින් වගේ තැනක නෙවෙයි .. event එකේ කවර් පුතෝ එකට යටින් ඇති Invite Friends කියල එකක් .. අන්න එක .. :)

-->   ඊට පස්සේ පෙරසේම ( කලින් වගේ ) Ctrl+Shift+J හෝ F12 කියන ඔබල අර යටින් වැටෙන කොටුව ගන්න .. දැන් එකේ Console කියන එක උද ක්ලික් කරන්න .. :) කලින් පුටෝ ටිකම ඕනිනම් ආයිත් බලන්න .. මට දාන්න කම්මැලියි අනී ..

-->  ඊට පස්සේ මම මේ පහලින් දීල තියෙන Java Script එක එතනට කොපි කොරල Enter බටන් එක හයියෙන් ඔබන්න . කැඩෙයි ඇ ...

javascript:elms=document.getElementsByName("checkableitems[]");for (i=0;i<elms.length;i++){if (elms[i].type="checkbox" )elms[i].click()}

-->   දැන්නම් ඔන්න කලින් වගේ නෙවෙයි ... ඔයාට දැන් අර Invite කරන තැන (Pop Up බොක්ස් එකේ ) වැටිලා තියෙන අයගේ නම් ඉස්සරහින් හරියක් වැටිලා ඇති ... දැන් ඔයා Manually ( ඒ කියන්නේ අතින් ) pop Up බොක්ස් එක යට තියෙන Send කියන බොත්තම ඔබන්න ඕනි ..

--> දැන් ආයිත් කලින් වගේම තමා ..  හැමෝටම Invite වෙලා නැතුව ඇති .. ඒ කියන්නේ කලින් පාර හැමෝවම Select වෙලා නැහැ .. ඒ කියන්නේ ඔයාට කීපවරක්ම මේ ක්‍රියාවලිය කරන්න වෙනවා .. :)


--------------------------------------------------------------------------------------------------------

ඇ .. එහෙනම් ඔන්න මම දන්නා දෙයක් කියල දුන්න .. ආ තව එකක් .. Script එකේ අයිතිය එහි නිර්මාතෘ සතුය .. මම ඌව දන්නේද නැත ..

සැලකිය යුතුයි : එකදිගට දිගටහරහට Invite කිරීමෙන් ඔබව Block විය හැක ..  එනිසා ඉවසන්න .. කන්නාඩි දාගත්ත වදුරෙක් වගේ වෑඩ කරන්න එපා ..

ආ මේ .. මට ඉන්වයිට් කර කර ඉන්න කම්මැලියි ..ඒ නිසා මෙතැනින් ගිහින් හරි දකුණු පැත්තේ තියෙන ලයික් බොක්ස් එකෙන් හරි මගේ පේජ් එකටත් ලයික් එකක් දාගෙනම යන්න ඇ .. කමක් නැහැ ..

එහෙනම් මේ ගැන ඔයාලගේ අදහසකුත් කොටලම යන්නකෝ .. මතකනේ Photo කොමෙන්ටුත් ඔට්ටුයි ඇ ... ;)

එහෙනම් මම ගියා .. ආයිත් සෙට් වෙමු ..

එතකන් ජය වේවා !!!

Sunday, January 5, 2014

Advanced System Optimizer

යාලුවනේ,මුලින්ම කියන්න ඕනේ ලැබුවාවූ 2014 අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරී,සිතු සිතුම් සරු වී,පැතු පැතුම් ඉටුවී සිත තුටින් බරවන ඉසුරුමත් අවුරුද්දක් වේවා!!!! කියල. මම අද ගේනවා අලුත් අවුරුද්දට දෙන්න මදි කියන්න  බැරි වෙන විදියේ සොෆ්ට්වෙයා එකක් කවුරුත් කැමතිනේ තමන්ගේකොම්පියුටරේ තියන කුණුගොඩවල් අයින් කරලා කම්පියුටරේ අලුතින්ගේනව ගමන් තියන වේගෙන්ම තියාගන්න.ඒ ගැන හිතල මම පොඩි සොෆ්ට්වෙයා එකක් හොයාගත්ත.පොඩි කිව්වට පොඩිමත් නැ.මේ මෘදුකාංගයෙන් කරන්නේ පරිගණකයේ තියන spyware,වින්ඩෝස් රෙජිස්ට්‍රියේ තියන වැරදි නිවැරදි කරනවා.Hard Drive එක defrag කරනවා වගේ තවත් ගොඩක් දේවල් කරනව.තව ඔයාගේ පරගණකයට ඕනේ කරන drivers එහෙම මේකෙන් අරන් දෙනවා.ඔයාගේ තියන drivers පරණයි නම් ඒවා අලුත් කරනවා ඒ කියන්නේ ඒවා Update කරලා දෙනවා..hard එකේ තියන අනවශ්‍ය ෆයිල් එහෙම අයින් කරනවා .ඒ වගේම රම එක ඔප්ටිම්යිස් කරගන්න ඕනේ නම් ඒ කරන්නත් පුළුවන්.ඒ වගේම Files Backup කරන්න ඕනෙනම් ඒකටත්  පහසුකම් සලසල දෙනව. මේකේ නම තමයි Advanced System Optimizer.
මේ තියෙන්නේ එකේ Screen Short කීපයක්



මේක ඉන්ස්ට්‍රෝල් කලාම Register කරන්න ඕනේ.එකත් පියවරෙන් පියවරම කියල දෙන්නම්කො.නැත්නම් ඉතින් ලෙඩනේ :p.මම කලින් දාපු පොස්ට් එකකත් දීපු සොෆ්ට්වෙයා එකක් ඇක්ටිව් කරගන්න බැරුව දෙන්නෙක් විතර දගල දගල ඉදිය.හරි හරි තරහ මරහ ඉවරයි. දැන් වැඩේ පටන්ගමු.

1)මුලින්ම Notification Area එකේ තියන Advanced System Optimizer Icon එක අයින් කරගන්න.පහල ෆොටෝ එක බලන්නකෝ.එතකොට තේරෙයි.

2)ඊළගට මම ඔය දීල තියන rar ෆයිල් එකේ තියන advanced.system.optimizer.3.x-patch.rar කියන rar ෆයිල් එක ඕපන්කරන්න


එන්න ඒ rar එකේ තියන මේ  advanced.system.optimizer.3.x-patch.exe කියන file එක ඩෙක්ස්ටොප් එකට එක්ස්ට්‍රක් කරගන්න.එක කරන්න දන්නවනේ.
3)ඊළගට advanced.system.optimizer.3.x-patch.exe කියන එක ඕපන් කරන්න

ඊට පස්සේ ඔය pach කියන බට්න් එක ක්ලික් කරන්න.ඔන්න ඔච්චරයි.වැඩේ ඉවරයි.ඔයා හරියට වැඩේ කරානම් මෙන්න මෙහෙම Registered version කියක කොළ පාටින් පැත්තකින් තියෙයි.



ඊටපස්සේ ඉක්මනට බාගෙට ස්කෑන් කරන්න ඕනේ නම් Select Scan Type කියන එකේ  Quick Scanකියන එක සිලෙක්ට් කරලා දීල  Start Smart Scan කියන එක ක්ලික් කරන්න.පරිගණකයේ සෑම අස්සක් මුල්ලක් නැරම ස්කෑන් කරන්න ඕනෙනම්  එකේ තියන Deep Scanකියන එක සිලෙක්ට් කරලා මම කියපු විදියට කරන්න තියෙන්නේ.පලවෙනි පාර මේකෙන් ස්කෑන් කරනකොට  Deep Scan වලින් ස්කෑන් කලොත් එක ඔයාගේ පරිගණකයට හොඳයි.

පහලින් අරගන්න


ඔන්න වැඩේ හරි .අවුලක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්නකෝ.මම එහෙනම් යනවා.
 සුභ අලුත් අවුරුදක් වේවා!!!





Thursday, January 2, 2014

CD\DVD රයිට් කරන්න,COPY කරන්න,හොදම මෘදුකාංගයක්

කොහොමද යාලුවනේ මම අද ගෙනාවේ CD\DVD රයිට් කරන්න පුළුවන් නියම මෘදුකාංගයක්. අද ඉන්න ගොඩක් දෙනෙක් CD\DVD රයිට් කරන්න යොදාගන්නේ nero කියන මෘදුකාංගය.ඒ උනාට nero මෘදුකාංගයට රයිට් කරන ගොඩ ram එක ඕනේ වෙනවා.ඒ හින්ද ඔය ram එක අඩු Computer වලට nero මෘදුකාංගය උචිත වෙන්නේ නෑ.අනික nero වගේ CD Bunner මෘදුකාංග වල CD රයිට් කිරීමට අමතරව තවත් එක එක programm හෙමත් ගොඩක් තියනවා.ඒ ගින්ද අපේ hard එකෙනුත් එකට ටිකක් යනවා.ඒ උනාට අපි භාවිත කරන්නේ CD එකක් හරි DVD එකක් හරි රයිට් කරන්න විතරයි.අනික තමයි ram එක අඩු Computer එකක  nero වලින් CD එකක් හරි DVD එකක් රයිට් කරනකොට ram එකෙන් දෙන speed එක අඩු උනොත් එහෙම Computer එක හිර වෙනවා.මම අද දෙන මෘදුකාංගය තමයිAshampoo®Burning Studio 2013 කියන මෘදුකාංගය. මම දෙන මෘදුකාංගයේ අනවශ්‍ය වැඩ කෑලි නෑ.CD එකක් රයිට් කරන්න ඕනේ වෙන දේවල් ටික තියනවා. අපි වගේ අයට ඕනේ  CD bunner  එකක්  ඕනේ වෙන්නේ CD රයිට් කරගන්න විතරනේ. මේ තියෙන්නේ එකේ විශේෂතා

.Burn Files and Folders
*Create a New CD/DVD/Blue-ray Disc
*Create a New CD/DVD/Blue-ray Disc with autostart functionality
*Update an Existing CD/DVD/Blu-ray Disc

2.Backup or Restore Files and Folders
*Backup Files and Folders
*Restore an existing backup

3.Burn or Rip music
* Create an Audio CD
* Create an MP3 or WMA CD/DVD/Blu-ray Disc
* Just Copy Music Files to a CD/DVD/Blu-ray Disc
* Rip an Audio CD

4.Burn Movies
* Movie and Slideshow Authoring for CD/DVD/Blu-ray Disc
* Burn a Video DVD from a Prepared Folder
* Burn a Video Blu-ray from a Prepared Folder
* Create a Video CD (VCD)
* Create a Super Video CD (SVCD)
* Just Copy Movie Files to a CD/DVD/Blu-ray Disc

5.Copy a CD/DVD/Blu-ray Disc

6.Create/Burn Disk Images
* Burn a CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Disk Image from a CD/DVD
* Create a Disk Image from a Project

7.Expert Functions
* Create a Modified Copy of an existing CD/DVD/Blu-ray Disc from a Disc Image
* Create a Data CD/DVD/Blu-ray Disc using advanced settings

8.Erase CD-RW, DVD+RW

9.Print and Design: Covers, Labels

ඔයටික ඔයාට ඇතිවෙයිනේ පහල තියෙන්නේ එකේෆොටෝ ටිකක් ඒ ටිකත් බලන්නකෝ






මම ඔයාලට මේකේ key එකත් දෙන්නම්.මම හිතනවා ඔයාගේ හිතට මේක අල්ලන්න ඇති කියල.පහලින් Download කරන්න.


**Downlaod Ashampoo®Burning Studio 2013

**Download Ashampoo®Burning Studio 2013 key


එහෙනම් මම යනවා.ඔයා යනගමන් ෆෑන් පේජ් එකට ලයික් කරගෙනම යන්න.මොකක් හරි අවුලක් තිබොත් කමෙන්ට් එකක් දාන්න.
                          _**ඔයාට සුබ දවසක් වේවා!**_