Thursday, December 19, 2013

මගේ කයිවාරුව (චුයින්ගම්)

චුයින්ගම් කටට ගත්තු ගමන් ෆට්ට රසය. එහෙත් ඉතා ඉක්මනින් මෙලො රසක් නැතිය. සමහර එවූන්නම් එය සප සපා ඉන්නෙ විසි කරගන්න බැරිකමටය. එහෙත් සමහර එවූනට එය සපන්න සපන්න ෆට්ට රසයක් දැනෙන බව අපට පෙනෙන්නෙය.

මම නම් චුයින්ග්ම් කන්නට ඉතා කැමතිය. මම දැනට කාපු චුඉන්ග්ම් ගනන මටද මතක නැත. මම නම් රසය නැතිවුන ගමන් චුයින්ග්ම් එක විසිකරන්නෙය. එය මගෙ පුරුද්දය. මම විසිකරපු චුයින්ගම් දැන් වෙන එවුන් කන්නෙය. එය දුටු විට මට උන් ගැන දුක හිතෙන්නෙය. දැන්නම් වෙලදපොලෙ එක එක චුඉන්ගම් ඇත. පෙලක් එවා ඇබුල්ය. සමහරක් තිත්තය. සමහරක් කටට ගත්තු ගමන්ද රස නැත. එව සැපීමෙද පොඩි ලල් එකක් ඇත. කටින් කටට යන චුයින්ගම්ද ඇත.

මෙච්චර පොර ටොක් දුන්නද මම අන්තිමට කාපු චුයින්ගම් එකෙ රස තාම අමතක කරගන්නට බැරුව මම දුක් විදින්නෙය. එක ඉතා රසය. එහි රස තාමත් කටෙ ඇත. මම චුයින්ගම් එකකට අදරෙ කරයි කියා කවදාවත් සිතුවෙ නැත.

චුයින්ගම් වනාහි කෙල්ලො වගෙ බව මා වැනි බුද්හිමතුන්ගෙ මතයයි.

No comments:

Post a Comment