Tuesday, February 25, 2014

32-bit, 64-bit ??? මොකක්ද මේ???

  අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..


              මූලික වශයෙන් 32-bit හා 64-bit යනු processor එක සැලසුම් කර ඇති ආකාරයයි. ඒවාට ගැළපෙන ලෙස මෙහෙයුම් පද්ධති සැලසුම් කල විට ඒවාත් 32-bit හා 64-bit යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද (software) හදුන්වන්නේ එම bit අගය ඇසුරෙනි. 64-bit මාදිලියේ වැඩසටහන් භාවිතා කළ හැක්කේ 64-bit වලට සහය දෙන processors ඇති පරිගණක වලදී පමණක් වුවත්, 32-bit මාදිලියේ වැඩසටහන් මේ කවර එකකදී වුව භාවිත කළ හැකිය.

           එහෙත් එහිදී මුහුණ පාන්නට වෙන ගැටලුව වන්නේ 32-bit මෙහෙයුම් පද්ධතියකට භාවිතා කළ හැකි උපරිම ram ධාරිතාව 3.41 GB (සමහර 32-bit OS වලට 4GB support කරයි. නමුත් බොහෝ විට එහි සම්පුර්ණ වේගය ලබා නොදෙයි) කට සීමාවීමයි. එහෙත් 64-bit මෙහෙයුම් පද්ධතියක් සදහා 128 GB දක්වා සහය දක්වයි. මේ නිසා 4 GB හෝ ඊට වැඩි ram ප්‍රමාණයක් භාවිතා කරන්නන්ට, 64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගත යුතුය.



         64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගැනීමේ ඇති අවාසි වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරණි software හෝ hardware භාවිතා කරන්නේ නම් 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැළපෙන අවස්ථා වැඩිය.

             64-bit මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය වන්නේ එවිට 64-bit processor එකෙන් උපරිම වැඩ ගත හැකිවීමයි. එසේම ram එක සමග වේගයෙන් කටයුතු හැකිවීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය කරන්නේ 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම අලුත් වැඩසටහන් වලින් වැඩ කරන්නට නම් අනිවාර්යයෙන්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට install කර ගත යුතුය.

No comments:

Post a Comment